ලොව වැඩිම උණුසුම ජූලි මාසයේ



ලොව වැඩිම උණුසුම වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

ඇමෙරිකාවේ නාසා ආයතනය පෘථිවි කාලගුණය නිරීක්ෂණය කරයි. ඒ, ඒ වෙනුවෙන් විශේෂයෙන් පෘථිවි කක්ෂයට යැවූ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙනි.

කාලගුණ කටයුතු පිළිබඳ දත්ත සහ වාර්තා එළිදක්වන්නේ, නාසා ආයතනය යටතේ පවතින නිව්යෝක් නුවර පිහිටි නාසා ගොඩාඞ් අභ්‍යවකාශ අධ්‍යයන අංශයයි.

ලොව වැඩිම උෂ්ණත්වය පසුගිය ජූලි මාසයෙන් වාර්තා වී ඇත්තේ 1880 වසරෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS