ලූලා ද සිල්වා අසනීපෙන්



තෙවැනි වරටත් බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වී සිටින ලූලා ද සිල්වා නියුමෝනියාවෙන් පෙළෙන බව බ්‍රසීල ජනාධිපති මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

77 හැවිරිදි වාමාංශික නායක ලූලා ද සිල්වා චීන සංචාරයකට සූදානමින් සිටියේය. ඒ, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පවත්වා ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගැනීමටය.

කෙසේ නමුත් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ලූලා ද සිල්වා එම චීන සංචාරය අවලංගු කර ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS