ලී සුළිකුණාටුව කැනඩාවට කඩා වදී



‘ලී’ නමැති සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 110 ක වේගයකින් කැනඩාවේ නෝවා ස්කොටිකා ප්‍රාන්තයට කඩා වැදුණි.

 සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී විදුලිය බල සැපැයුමට බාධා එල්ල වී ඇති බව පැවැසෙයි. නෝවා ස්කොටිකා ප්‍රාන්තයේ පමණක් විදුලිය අහිමිවුණු නිවාස ගණන 1,44,000 ක් යැයි පැවැසෙයි.

නෝවා ස්කොටිකා ප්‍රාන්තයේ අසල්වැසි ප්‍රාන්තය වන්නේ නිව් බර්න්ස්වික්ය. නිව් බර්න්ස්වික් ප්‍රාන්තයේ විදුලි බලය නොමැතිව පීඩාවට පත් වූ ගණන 37,000 කි.


RECOMMEND POSTS