ලබා දුන් කාලය අවසන් වෙන්න ළඟයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකන් රජය, න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන් කරන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ උතුරු කොරියානු රජයට ලබා දුන් කාලය මෙම වසර අවසන් වෙද්දී අවසන් වන බව විදෙස් පුවත් සේවා මතක් කරයි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇති නමුත් ඇමෙරිකාව පවසා ඇත්තේ තමන් අපේක්ෂා කරන අයුරින් එම කටයුතු සිදුවී නොමැති බවය. එපමණක් නොවෙයි, උතුරු කොරියාව කෙටි දුර මෙන්ම දිගු දුර බැලැස්ටික් මිසයිල පවා අත්හදා බැලීමට සැරසෙනවා යැයි ඇමෙරිකාව චෝදනා නගා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS