රූබලයේ අගය පහළ යයි



ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ, පළමු වරට එරට කොටස් වෙළඳපොල රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පහත වැටී තිබේ.

 ඉන්ධන මිල ඉහළ යන අතරතුර යුරෝ මුදල් ඒකකය ද සියයට එකකින් පහත වැටී ඇති බව රුසියන් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ. රුසියා යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ සති අන්තයේදී රුසියාවේ සහ යුක්රේනයේ මූල්‍ය හා සමාජ පිරිවැය ඉහළ ගොස් ඇති බවද පැවැසෙයි.

තම බැංකු කාඩ්පත් අක්‍රිය කරනු ඇති බවට හෝ මුදල් ලබාගැනීමට සීමාවන් පනවනු ඇතැයි බියෙන් රුසියානු ජාතිකයන් මුදල් ලබාගැනීම සඳහා එරට බැංකු අසළ දිගු පෝලිම්වල රැඳී සිටින බව ද වාර්තා වේ.

රුසියාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ස්බර්බෑන්ක් හි යුරෝපා මෙහෙයුම් දැනටමත් අඩපණ වී ඇති අතර, රුසියානු මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 630ක් වන එරට විදේශ සංචිත භාවිතය වළක්වාලමින් නව තහනමක් ද පනවා තිබේ. ඒ, එරට රූබල් මුදල් ඒකකය ආරක්ෂා කරගැනීම සඳහා යැයි ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරති.

(රොයිටර්)


RECOMMEND POSTS