රූපවාහිනිය හරහා ගෝලීය ප්‍රසංගයක්
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් නිවෙස්වලට කොටුවුණු බටහිර ගායක ගායිකාවෝ එක් වෙමින්, නිවෙස්වල සිට වීඩියෝ තක්සනය ඔස්සේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වූහ.
සංගීත ප්‍රසංගයේ අරමුණ වූයේ නිවෙස්වල කොටුවුණු පිරිස් සඳහා විනෝදාස්වාදය සැපැයීමට පමණක් නොව, සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලි සෑම දෙනා ඇගයීමට ලක් කිරීමේ අරමුණ ඇතිවය.
පැය 8 ක් දිග මෙම සංගීත ප්‍රසංගයට ලේඩි ගාගා, පෝල් මැකාති, බිලී එලිෂ් ඇතුළු බටහිර ගායක ගායිකාවෝ 100 දෙනක් එක් වී සිටියහ.
ලන්ඩනයේදීය (රොයිටර්)