රුසියාවේ ප්‍රහාරයකට මුහුණු දෙන්න සූදානම්



රුසියානු ආක්‍රමණයකට මුහුණ දීමට යුක්රේන හමුදාවට හැකියාව ඇති බවත්, මේ වනවිටත් යුක්රේන හමුදාව ඒ සඳහා සීරුවෙන් සිටින බවත් යුක්රේන ජනාධිපති වොල්ඩමිර් සෙලන්ස්කි පවසා තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියානු බුද්ධි අංශ රුසියානු පුරවැසියන් යොදා සැලසුම් කර කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වීමත් සමඟය.

රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේන දේශසීමාවේ රැදී සිටීම සහ බලය වර්ධනය කර ගැනීම, සම්බන්ධයෙන් යුක්රේනය සහ යුක්රේන හිතවාදී යුරෝපා රටවල් මෙන්ම ඇමෙරිකාව ද කනස්සල්ල පළ කර ඇත.‍ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවේ ප්‍රධානියා පවසා ඇත්තේ රුසියාව විසින් යුක්රේනයට එරෙහිව හමුදා බලය යොදවනු ලැබුවහොත් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවය.

සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ යුක්රේනය රුසියාවේ කොටසක් විය. 2014 දී, ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මෙහෙයවීමෙන් රුසියානු හමුදා යුක්රේනයේ ක්‍රිමියා පළාත ආක්‍රමණය කළේය. අද ක්‍රිමියාව ඇත්තේ රුසියානු පාලනය යටතේය. රුසියාවත් ඇමෙරිනාවත් අතරේ ඇයිහොඳයිකම් පළුදු කිරීමට මෙය හේතුවක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS