රුසියාවේ ඉන්ධන පිරවුම්වලකට ප්‍රහාරයක්



දකුණුදිග රුසියාවට අයත්, ඩැගෙස්තාන් පළාතේ, ඉන්ධන පිරවුම්හලක ගින්නක් සහ පිපිරීමක් සිදුවිය.

ගින්නටත් පිපිරීමටත් හසුවීමෙන් මියගිය ගණන 25 කි. එම පිරිස අතරේ කුඩා දරුවන් තිදෙනකු ද සිටින බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 66 කි.

ඉන්ධන පිරවුම්හලේ ගින්න වර්ග මීටර් 600 ක් පුරා පැතිර ගියේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 260 දෙනකු යෙදවුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS