රුසියාවේ ආසාදිතයෝ 9,50,000 ක්
රුසියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 9,50,000 පසු කර තිබේ. ගතවුණු පැය 24 ඇතුළත රුසියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 4,921 කි.
ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 121 කි. ඒ අනුව සමස්ත මරණ 16,310 තෙක් ඉහළ ගියේය. රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මණය කරනු ලැබ ඇතැයි පැවැසෙන ස්පුට්නික් 5 එන්නත, රුසියානුවන් වෙනුවෙන් ලබා දීමට සියල්ල සූදානම් යැයි රුසියන් රජය පවසා තිබේ.
(අල් ජසීරා)