රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්



රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රුසියන් හමුදාව යුක්රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ විශාලතම ඩ්‍රෝන යානා ප්‍රහාරය බවය.

ඩ්‍රෝන යානා ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, සිවිල් වැසියන් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට යොදා ගත් බව පැවැසෙන්නේ ‘කමකාසී’ වර්ගයේ ඩ්‍රෝන යානාය.

එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, රුසියාව විවේචනය කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේය.

රුසියාව නාසි ජර්මනියට සමාන කරමින්, යුක්රේන ජනාධිපතිවරයා පැවැසුවේ, රුසියාවට කිසිම අවස්ථාවක ජයග්‍රහණය කිරීමට ඉඩක් නොලැබෙනු ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS