රුසියාවෙන් නව ආසාදිතයෝ 6,060 ක්
රුසියාවෙන් නව ආසාදිතයන් 6,060 ක් හමුවී ඇති බවත්, එරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඒ අනුව, 42,800 පසු කර ඇති බවත් වාර්තා වේ.
රුසියානු ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසා ඇත්තේ හමුවුණු මෙම ආසාදතයන්ගෙන් සියයට 43 ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බවය.
රුසියාවෙන් ‘කොවිඞ් 19’ මරණ 361 ක් වාර්තා වේ. පසුගිය පැය 48 ඇතුළත මරණ 48 ක් වාර්තා වූ බව රුසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)