රුසියාවට බෙලරුසියාවට තහංචි



ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පවසා ඇත්තේ, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන විධායක මණ්ඩලය නිර්දේශ කර ඇති බවය.

ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන විධායක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ යුක්රේනය මුල්කොට ගනිමිනි. යුක්රේනය නේටෝ හිතවාදියකු වීම නිසා මේ වනවිට රුසියන් හමුදා යුක්රේනයට පහර දීම ආරම්භ කර තිබේ.

එම හමුදා ආක්‍රමණයේ දී රුසියාවට බෙලරුසියාවේ සහාය හිමිවෙයි. බෙලරුසියාව යනු යුක්රේනයේ පමණක් නොව, රුසියාවේ ද අසල්වැසියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS