රුසියාව යුක්රේනයට පහර දෙයි



රුසියන් රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ‘වැග්නර්’ කුලී හේවා භටයන් අසල්වැසි බෙලරූස් රාජ්‍යයට පිටුවහල් වීමත් සමඟ රුසියන් හමුදා යුක්රේනයේ ප්‍රධාන නගර කීපයක් එල්ල කරමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පීසා අවන්හලක් විනාශ වුණු බවත් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත් වී 13 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය. එම අට දෙනා අතර අවුරුදු 15 ත් 12 ත් වයස්වල දරුවන් දෙදෙනකු සිටින බව ද පැවැසෙයි.

පීසා අවන්හල අසල වෙළෙඳසැල් කීපයක් ද ඇති අතර ඒවා ද රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශයට පත් වී ඇතැයි යුක්රේන මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS