රුසියානුවෝ පසුබසිති



නිර්භීත යුක්රේන සෙබළුන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ, රුසියන් හමුදා පසුබැසීමකට ලක් වී ඇතැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමත්‍යාංශය පවසයි.

මේ වනවිට පුටින්ගේ රුසියන් හමුදා සොල්දුදාවන් කියෙව් අගනුවර වට කර ඇත්තේ කියෙව් අගනුවර සිට කිලෝ මීටර් 30 ක් පමණ දුරිනි.

සාම සාකච්ඡා සඳහා සූදානම් වන අවස්ථාවේදී පවා, රුසියන් හමුදකෙියෙව් අගනුවරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව වාර්තා විය.

රුසියන් ජනාධිපති පුටින් අපේක්ෂා කර ඇත්තේ, දින 4 ක් ඇතුළත යුක්රේනයේ කියෙව් අගනුවර අල්ලා ගැනීමටය. කෙසේ නමුත් ඊයේ (28) වනවිට රුසියන් යුක්රේන යුද්ධයට දින 5 ක් ගත වී තිබේ.

යුක්රේන හමුදා නිර්භීත ලෙස රුසියන් හමුදා සමග සටන් වදින්නේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඔවුන් දිරි ගන්වන නිසා යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS