රුසියන් විපක්ෂ නායක නෙවල්නි වසර 19 ක් හිරේ



දේශද්‍රෝහී චෝදනාවලට වරදකරු වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වසර 19 ක සිර දඬුවමක් නියම විය.

ක්‍රෙම්ලීන පාලකයන් උත්සාහ ගන්නේ විපක්ෂය නිහඬ කිරීමට බවත් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවත් සිර දඬුවම් නියම වීමෙන් පසු නෙවල්නි පැවැසුවේය.

47 හැවිරිදි නෙවල්නි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විවේචනය කරමින්, ඔහුට එරෙහිව නැගී සිටි දේශපාලන ක්‍රියාකාරියෙකි. දේශපාලනයට අවතීර්ණ වීමට පෙර නෙවල්නි නීතීඥවරයකු ලෙස කටයුතු කළේය.

රුසියන් රජය චෝදනා නගන්නේ නෙවල්නි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය සහ ආධාර ලබන දේශද්‍රෝහියකු කියාය. ‘රුසියා ෆෝ ද ෆියුචර්’ දේශපාලන කතණ්ඩායමට නායකත්වය දෙන්නේ නෙවල්නිය.


RECOMMEND POSTS