රුසියන් ජනපති පුටින් බයයි



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, තමන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අකමැත්ත පළ කරන්නේ, ඔහු තමන්ට දක්වන බිය නිසා යැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

තමන් ශක්තිමත් නායකයකු බවත්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමන්ට සහාය දක්වන බවත්, පුටින් තමන්ට බයක් දක්වන්නේ ඒ නිසා බවත් සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මේ බව අවධාරණය කර ඇත්තේ, ඔහුගේ ‘එක්ස්’ ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සටහන් කරමිණි.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ බටහිර හිතවාදී සෙලෙන්ස්කී, යුක්රේනය නේටෝ හවුලේ සාමාජිකයකු කිරීමට උත්සහ ගන්නා බැවිනි.

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාවේ අසල්වැසියකු වන්නේ යුක්රේනයයි. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. රුසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මේ නිසාය.

නේටෝ සාමාජිකයකු නොවුණත් ඇමෙරිකාව ඇතුළු නේටෝ සාමාජික බටහිර රටවල් බොහොමයක්, යුක්රේනයට මූල්‍ය වශයෙන් මෙන්ම ආයුධවලින් ද සහාය ලබා දෙයි. යුක්රේන හමුදා රුසියාවට පහර දෙන්නේ, ඇමෙරිකාවෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු දිගු දුර මිසයිලවලිනි.


RECOMMEND POSTS