රුසියන් ජනපති පුටින් ට්‍රම්ප් ගැන පැහැදිලා



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති අතර, මෙය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් බව පැවැසෙයි.

ෆෙඩරල් ආරක්ෂක සේවයේ නිලධාරීන් හමුවීමට ගොස් ඔවුන් ඇමැතූ අවස්ථාවේදී, පුටින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට පැසැසුවේ, ඔවුන් යථාර්ථවාදීව සහ ප්‍රයෝගික දැක්මකට අනුව කටයුතු කරනවා යැයි පවසමිනි.

ගෝලීය අර්බුදවලට උපායමාර්ගික වශයෙන්, මුහුණ දෙමින්, තිරසාර විසඳුම් ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකි යැයි ද පුටින් ෆෙඩරල් ආරක්ෂක අංශ නිලධාරීන් අමතමින් වැඩි දුරටත් පැහැදිලි කළේය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS