රුසියන් අවන්හලක බෝම්බ පිපිරීමක්



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරමින්, රුසියන් හමුදාව වර්ණනා කරමින්, ‘හමුදා තොරතුරු’ ඇතුළත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය ව්ලැඩෙන් ටර්සිකි නමැත්තා, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර අවන්හලක සිදුවුණු බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්විය.

ව්ලැඩෙන් ටර්සිකි යන නමින් රුසියානුවන් අතරේ ප්‍රසිද්ධ වුණත් ඔහුගේ සැබෑ නම මැක්සිම් ෆෝමින්ය. මොහු යුක්රේනයේ උපන් රුසියන් හිතවාදියෙකි. අවන්හලේ සිදුවුණු එම බෝම්බ ප්‍රහාරයෙන් තවත් 25 දෙනෙක් තුවාල ලැබූහ.

ව්ලැඩෙන් ටර්සිකි අවන්හලට පැමිණියේ විශේෂ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස දේශනයක් පැවැත්වීමටය. කළු පෙට්ටියක් අතැති කාන්තාවක් ව්ලැඩෙන් ටර්සිකිට ළං වුණු බවත් එම අවස්ථාවේදී බෝම්බය පුපුරා ගියේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS