රුෂ්ඩි නිදහස වෙනුවෙන් පෙනී සිටියා



දේශනයක් අතරතුරේ පිහි ප්‍රහාරයකට ලක් වී බරපතළ ලෙස තුවාල ලැබූ ඉන්දියාවේ උපන්, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ලේඛකයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.

ශ්‍රීමත් සල්මාන් රුෂ්ඩි, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පමණක් නොව, ආගමික සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් ද පෙනී සිටි අයකු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

බරපතළ තුවාල ලැබූ රුෂ්ඩිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, රුෂ්ඩිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද අමතක නොකළේය.

(රොයිටර්)


RECOMMEND POSTS