රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා



ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2018 වසරේ සිට පසුගිය 2022 අප්‍රේල් මාසය තෙක් ය. ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාය වුණු බැවිනි.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණය කළේ යැයි ඉම්රාන් චෝදනා නගා තිබේ.

ඒ, ඇමෙරිකා රජය සහ පාකිස්තාන රජය අතරේ හුවමාරු වුණු රහාස්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. ඉම්රාන්ට අධිචෝදනා ගොනු කිරීම සිදුවී ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.


RECOMMEND POSTS