රාජකාරී පැහැර හැරිය නිලධාරීන්ට දඩුවම්
කොරෝනා වයිරසයට එරෙහි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වැඩසටහන්වලට සම්බන්ධ රාජකාරි පැහැර හැරිය නිලධාරීන් සහ මන්දගාමීව කටයුතු කළ නිලධාරීන් සිටින්නේ නම්, ඔවුන්ට දැඩි දඬුවම් ලබා දෙනවා යැයි චීන දූෂණ විරෝධී ආයතනය පවසා ඇත.
කොරෝනා වයිරසය මර්දනයට චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් මාලාවක් ලබා දී ඇතැයි ද පැවැසෙයි. කොරෝනා මර්දනයට යෙදවූ මුදල් අවභාවිතයට ලක් කළේ යැයි ද ඇතැමුන්ට චෝදනා එල්ල වී තිබේ.
(අල් ජසීරා)