රටින් පලා යන්න ලැබුණේ මිනිත්තු 2 යි



ඇමෙරිකන් හමුදා පිටවී ගොස් තලේබාන්වරුන් බලය අල්ලා ගනිද්දී, ඇෆ්ගනිස්තානයෙන් පිටවී පලා යෑම තීරණ කිරීමට, තමන්ට ලැබුණේ මිනිත්තු දෙකක් පමණක් යැයි ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අෂ්රාෆ් ඝානී කියයි.

ඇෆ්ගන් හිටපු ජනාධිපති ඝානී අතීත සිදුවීම් සිහිපත් කළේ බීබීසී රේඩියෝ 4 ගුවන් විදුලි නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘එදා මගේ ජාතික ආරක්ෂක උපදේෂක මා වෙත පැමිණ කීවා මිනිත්තු දෙකක් ඇතුළත සූදානම් වෙන්න. හැමදේම බොහොම ඉක්මනින් සිදුවුණා. මා ගුවන් යානටෙ ගොඩ වූ පසුවයි දැනගත්තේ රටින් පිටවී යන බව’ යැයි හිටපු ජනාධිපති ඝානී පවසා තිබේ.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය යළි අත්පත් කර ගත් අවස්ථාවේදී, ඇෆ්ගන් වැසියන් අමාරුවේ දමා රටින් පලා ගියේ යැයි අෂ්රාෆ් ඝානී ට චෝදනා එල්ල වී ඇත.

(සී.එන්.එන්.)

 


RECOMMEND POSTS