යුරෝපා රටවලට එන්නත ලබන 27 වැනිදා



‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, යුරෝපා සංගමයට අයත් රටවල එන්නත් කිරීමේ වැඩසටහන් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව යුරෝපා කොමිසම පවසා ඇත.

එන්නත ලබා දීම සඳහා යුරෝපා රටවල් තම වැසියන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

යුරෝපා කොමිසම පවසන අන්දමට ඔවුන් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී නිපදවා ඇති එන්නත යුරෝපා සංගමයට අයත් වැසියන්ට ලබාදීම සිදුවනු ඇත. ජර්මනිය ද යුරෝපා සංගමයේ සාමාජිකයෙකි.

රියාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS