යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්



සිවු දිනක් තිස්සේ පැවැත් වුණු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හෙට (9) අවසන් වෙයි. ඉන්දීය මහ මැතිවරණයට පසු, ලෝකයේ දෙවැනි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය හැඳින්විය හැක.

යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ යුරෝපා රටවල නියෝජිතයන්ය. යුරෝපා රටවල් ගණන 27 කි. යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන 705 ක් ඇති අතර ඒ සඳහා මෙම රටවල නියෝජිතයන් තෝරා පත් කර ගැනීම මැතිවරණයේ අරමුණය. ඒ සඳහා යුරෝපා රටවල වැසියෝ ඡන්දය ප්‍රකාශ කරති.

ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වූයේ පසුගිය 6 වැනිදාය. උතුරින් ෆින්ලන්තය දක්වාත්, දකුණින් සයිප්‍රසය දක්වාත්, බටහිරින් අයර්ලන්තය දක්වාත්, නැගෙනහිරින් බල්ගේරියාව දක්වාත් විසිරුණු යුරෝපා රටවල මිලියන 373 ක් මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව පැවැසිණි.

(බීබීසී)


RECOMMEND POSTS