යුද්ධය මැද යුක්රේනයේ දරු උපත් 5,000 ක්



යුද ගැටුම් මැද යුක්රේනයේ දරු උපත් 5,000 ක් සිදුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගත්තේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට යුද්ධය ආරම්භ වී සති දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ.

රුසියාව එල්ල කරන ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් 780 දෙනකු මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 52 දෙනකු කුඩා දරුවන් බව ද යුනිසෙෆ් සංවිධානය පවසා ඇත. තුවාල ලබා ඇති යුක්රේන සිවිල් වැසියන් ගණන 1,174 ක් වන අතර, එයින් 63 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS