යුද්ධය ඇති - පාප්තුමා කියයි



ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ.

යුද්ධයෙන් සිදුවන්නේ ජීවිත හානි සහ විනාශය පමණක් බවත්, එයින් ලබන ජයග්‍රහණයක වටිනාකමක් නැති බවත් ෆ්‍රැන්සිස් පාප්තුමා පෙන්වා දී තිබේ. පාප්තුමන් මේ බව පෙන්වා දුන්නේ ශාන්ත පීටර් චතුරස්‍රයේ දේව මෙහෙයට සහභාගී වෙද්දීය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසුවය. මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම්වලින් 1,400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි පැවැසෙයි.


RECOMMEND POSTS