යුද නැවක පිපිරීමක්: 21 ක් රෝහලේ



ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැවක සිදුවුණු පිපිරීමකින් 21 ක් දෙනෙක් තුවාල ලැබූහ. එම 21 දෙනාගෙන් 17 දෙනකු නාවික හමුදා සාමාජිකයන් බව පැවැසෙයි.

පිපිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ සැන් දියේගෝ වරායේ නවතා තිබූ ‘යූඑස්එස් බොන්හෝම් රිචඞ්’ නමැති යුද නැවේය. නැව වරායේ රඳවා ඇත්තේ නඩත්තු කිරීමටය. පිපිරීමත් සමඟ නැවේ ගින්නක් ද හටගත්තේය.

‘යූඑස්එස් බොන්හෝම් රිචඞ්’ නැව මීටර් 257 ක් දිගින් යුක්තය. හටගත් ගින්න නිවා දැමීම සිදුවූයේ ටග් බෝට්ටු ඊට ජලය ඉසීමෙනි. ඇමෙරිකන් නාවික හමුදාවේ රියර් අද්මිරාල් තාල්ස් බ්‍රවුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ පිපිරීම සිදුවෙද්දී නැවේ නාවික හමුදා සාමාජිකයන් 160 දෙනකු සිටි බවය.

සැන් දියේගෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS