යුක්රේනයට ඩොලර් මිලියන 800 ක්



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක හමුදා ආධාර පැකේජයක් ලබා දුන්නේය.

එම ආධාර මුදල ලබා දෙමින්, ජෝ බයිඩන් ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන අර්බුදය පවතින තාක්කල් ඇමෙරිකාවේ සහාය යුක්රේනයට හිමිවනු ඇති බවය.

ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති ආකාරයට, ඇමෙරිකාව ඩොලර් මිලියන 8 ක මෙම හමුදා ආධාර පැකේජය ලබා දෙන්නේ යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින්ය.

යුක්රේනයේ ඩොන්බාස් පළාත වෙනුවෙන් යුක්රේන හමුදා සහ රුසියන් හමුදා අතරේ පවතින සටන්වලට අවශ්‍ය අවි ආයුධ සහ මිසයිල ලබා දීම ද මෙම හමුදා ආඡාර පැකේජය යටතේ යුක්රේනයට ලැබෙනු ඇති බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයට මූල්‍ය ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළේ අවසන් වූ ‘නේටෝ’ මහ සමුළුවේදීය. ‘නේටෝ’ මහ සමුළුව පැවැත්වූයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදීය.

(රොයිටර්)


RECOMMEND POSTS