යුක්රේනයට ගිය ඇෆ්ගන් වැසියන් අමාරුවේ



වසරකට පෙර, සරණාගතයන් ලෙස යුක්රේනයට පැමිණි ඇෆ්ගන් වැසියන් යළිත් වරක් සරණාගතයන් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඇෆ්ගන් වැසියන් සරණාගතයන් ලෙස යුක්රේනයට පැමිණ ඇත්තේ ඇෆ්ගන් තලේබාන්වරුන්ගෙන් එල්ල වුණු හිරිහැර මධ්‍යයේය.

අද ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ පාලනයට සියතට ගෙන සිටී.

‘අප එක යුද්ධයකින් බේරිලා ආවා. දැන් ආයේත් යුද්ධයකට මැදිවුණා’ යැයි පෝලන්තයට ගිය යුක්රේනයේ ඇෆ්ගන් වැසියෝ පවසති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS