යුක්රේනය එක්ක කෙළින් කතා කරන්න ඕනෑ - පුටින්
යුක්රේනය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසා ඇත. එම සාකච්චා ලබන 15 වැනිදාට පෙර ආරම්භ කිරීමට හැකිවේවි නම් තමන් ඊට කැමැත්ත පළ කරන බව ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත.
රුසියන් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ රුසියන් රූපවාහිනිය ඔස්සේය. රුසියන් යුක්රේන යුද්ධයට හේතු වුණු සාධක සියල්ල එකිනෙක සාකච්ඡා පවත්වා, තිරසාර මෙන්ම ශක්තිමත් සාම වැඩපිලිවෙළකට යෑමට තමන් කැමැති බව ද ජනාධිපති පුටින් අවධාරණය කර ඇත.
රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකනයන් පිරිසක් යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපතිවරයා හමුවී පැය කීපයක් ගතවෙද්දීය.
රුසියන් ජනාධිපති පුටින් ඒක පාර්ශ්වීය සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇත. තෙදිනක එම සටන් විරාමය අවසන් වන්නේ ලබන 15 වැනිදාය.
(ඒ.එෆ්.පී.)