යුක්රේන ආර්ථිකය ගොඩගන්න බිලියන 15.6 ක්



රුසියානු ආක්‍රමණය හේතුවෙන් කඩා වැටුණු යුක්රේනයේ ආර්ථිකය යළි ගොඩනැංවීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක් අනුමත කර තිබේ.

ගෝලීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලොව රටවල් සඳහා වෙන් කරනු ලැබ ඇති මුදල ඩොලර් බිලියන 115 ක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

යුක්රේනය සඳහා වෙන් කළ මුදලින් ඩොලර් බිලියන 2.7 ක් ක්ෂණිකව ලබාදීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS