යුක්රේන ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපා දැමේ



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් නෙපරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියන් ආක්‍රමණය හමුවේ, ඊට නව ආකාරයකින් මුහුණ දීමට අවශ්‍ය බැවින්, ආරක්ෂක අමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කළේ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. එදා සිට මේ දක්වා එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔලෙක්සි රෙනිකෝව්ය.

ඔලෙක්සි රෙනිකෝව් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, ජනාපධිති සෙලෙන්ස්කී, ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ, යුක්රේන රාජ්‍ය දේපොල අරමුදලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි රුස්ටම් උමෙරෝව්ය.

‘මා විශ්වාස කරනවා, රුසියන් ආක්‍රමණයට අලුත් විදියට මුහුණ දෙන්න ඕනෑ යැයි මා විශ්වාස කරනවා. ආරක්ෂක අමත්‍යාංශ නායකත්වයේ වෙනසක් ඒ සඳහා අවශ්‍යයි.’ යැයි රුසියන් ජනාපධිති සෙලෙන්ස්කී වැඩි දුරටත් පෙන්වා දී තිබේ.


RECOMMEND POSTS