යුක්රේන - රුසියා ජනපතිවරු හමුවන්න සූදානම්



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය.

ජනපතිවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැත්වෙන්නේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේත්, ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල්ගේත් මැදිහත් වීමෙන් යැයි පැවැසෙයි.

රුසියාව සහ යුක්රේනය අතර අර්බුදයක් පවතී. යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය පසුගිය වසර කීපයේ පටන් රුසියාව විසින් බලෙන් අත්පත් කර ගනු ලැබ සිටී.

යුක්රේනයේ රුසියානු හිතවාදීන් මෙන්ම රුසියානු විරෝධීන් ද සිටී. මීට මාස කීපයකට පෙර ජනාධිපති ධුරයට පත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද රුසියානු විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS