යන්න හොඳ නැතිම රටක්: පාකිස්තානය



සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රට ලෙස පාකිස්තානය නම් කිරීමට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය පියවර ගෙන තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, අවි ගැටුඹ්, දේශපාලන සහ ආර්ථික අර්බුද පවතින සංචාරය කිරීමට නුසුදුසු අනතුරුදායකම රටවල් ලෙස විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය රටවල් ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එහි ඉහළින්ම ඇත්තේ පාකිස්තාන බව විදෙස් මාධ්‍ය පවසයි. එම ලැයිස්තුවට තවත් රටවල් අටක් ඇතුළත්ය.

ඇෆ්ගනිස්ථානය, බුර්කිනා ෆාසෝ, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, හයිටි, ඉරාකය, ඊශ්‍රායලය, ලෙබනනය, ලිබියාව, මාලි, නයිජර්, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනය ආදිය ද එම ලැයිස්තුවට ඇතුළත් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS