යකඩ පෙනහලු මිනිසා මියයයි



තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. මියයනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 78 කි.

පෝල් ඇලෙක්සැන්ඩර් ට තනිවම හුස්ම ගැනීමට නොහැකි වූයේ පෝලියෝ රෝගියකු වීමෙනි. ඇලෙක්සැන්ඩර් ට පෝලියෝ ආසාදනය වූයේ 1952 වසරේදීය. තනිවම හුස්ම ගැනීමට නොහැකි වුණු බැවින්, වෛද්‍යවරු ඔහු ලෝහ සිලින්ඩරාකාර කුටියකට යොමු කළේය. එම අවස්ථාවේදී පවා වෛද්‍යවරුන් කියා සිටියේ, පෝල් වැඩි කලක් ජීවත් නොවනු ඇති බවය.

කෙසේ නමුත් වෛද්‍යවරුන්ට අභියෝගයක් වෙමින් පෝල් දශක ගණනක් ජීවත් විය. පෝලියෝ තුරන් කිරීමට එන්නතක් නිර්මාණය වූයේ 1950 දශකයේය. 

ලෝහ සිලින්ඩරාකාර කුටියකට යොමු කිරීමෙන් පසු මියයනතුරු ඇලෙක්සැන්ඩර් සිටියේ එම කුටියේය. ‘ද මෑන් ඉන් ද අයන් ලංග්’ යන නමින් ද පෝල් ඇලෙක්සැන්ඩර් හැඳින්විය. ජීවිත කාලය පුරා අතපය සෙලවීමක් නොමැතිව මුහුණ පමණක් පිටතට පෙනෙන ලෙස ජීවත් වූ පෝල් ඇලෙක්සැන්ඩර් නීතිය හදාරා උපාධියක් ද හිමිකර ගත්තේය.

(බීබීසී)\\\


RECOMMEND POSTS