මෞරි වැසියන්ට ඔමික්‍රෝන් තර්ජන



නවසීලන්තයේ මුල්පදිංචිකරුවන් වන මෞරි වැසියන්ට ‘ඔමික්‍රෝන්’ වසංගතයෙන් තර්ජන එල්ල වී ඇතැයි පැවැසෙයි.

නවසීලන්තයේ​ මේ වනවිට අවුරුදු 12 ට වැඩි සියයට 93 ක පිරිසකට එන්නත් ලබා දී තිබේ. එන්නත්කරණය අතින් නවසීලන්තය ඉදිරියෙන් පසුවෙයි. කෙසේ නමුත් මෞරි ප්‍රජාවට එන්නත් ප්‍රමාණවත් අන්දමින් ලබා දී නැතැයි පැවැසෙයි.

මේ නිසා ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය දරුණු ලෙස සිදුවෙද්දී, තවමත් එන්නත් ලබා නොගත් මෞරි වැසියන්ගේ ජීවිත අනතුරට පත් වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ මේ නිසාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS