මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි නුවර සංචාරයක නියැලුණි. ඒ, නගර වැසියන් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසමින්, නගරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ආරම්භ කරමිණි.

ආරක්ෂක නිලධාරීන් පිරිවරාගත් මෝදිගේ රථ පෙළ, වර්ණාසි නගරයේ වීදි සංචාරය කරමින් සිටියදී, රෝගියකු රැගෙන ලහි ලහියේ රෝහලට යන ගිලන් රථයක්, එම රථ පෙළ ගමන් කරන්න වූ විදියට පැමිණ ඇත.

ගිලන් රථයේ සයිරන් හඬ ඇසුණු සැණින්, තම රථ පෙළ මාර්ගය අයිනට ගෙන, ගිලන් රථයට, ඒවා පසු කර යෑමට වහා ඉඩ දෙන්නැයි මෝදි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවකි. වරණාසි යනු මෝදිගේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයයි. ඉන්දීය රුපියල් කෝටි 19,000 ක වියදමින් වරණාසි නගරයේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.


RECOMMEND POSTS