මෝදිගේ පක්ෂය වසර 10 කට පසු පරදී
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර වසර 10 කට පසු, හර්යානා ප්‍රාන්තයේ බලය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයට අහිමි විය.
හර්යානා ප්‍රාන්තය ජයග්‍රහණය කළේ පසුගිය ඉන්දීය මහ මැතිවරණයේදී ද මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වූ ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රාහුල් ගාන්ධිගේ කොංග්රසයයි.
හර්යානා ප්‍රාන්තයේ ආසන 90 කි. එයින් ආසන 45 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමට කොංග්රස් පක්ෂය සමත් වූ බව පැවැසෙයි. භාරතීය ජනතා පක්ෂය දිනා ගත්තේ ආසන 27 ක් පමණි.
(එන්.ඩී.ටීවී.)