මෝදිගෙන් සමාව ගන්න: මාලදිවයින ජනපතිට බලපෑම්



ඉන්දියාව සමඟ ඇති මත ගැටුම් සමථයකට පත් කර ගැනීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගෙන් සහ ඉන්දීය වැසියන්ගෙන් නිල වශයෙන් සමාව ගන්නැයි මාලදිවයිනේ ‘ජුම්හුරේ’ නමැති පක්ෂයේ නායක කසීම් ඊබ්‍රහීම්, මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉන්දීය හිතවාදී පක්ෂයක් වන අතර, ජනාධිපති මොහොමඞ් මුයිසු දැඩි චීන හිතවාදියෙකි.

ජනාධිපති ජනාධිපති මොහොමඞ් මුයිසු සහ ඉන්දියාව අතර අර්බුදයක් නිර්මාණය වූයේ, මුයිසු, චීනයට හිතවත්ව, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ ඉන්දියාව ප්‍රසිද්ධියේ විවේචනය කළ බැවිනි.

මේ වනවිට මොහොමඞ් මුයිසුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සූදානම් වෙයි. ‘ජුම්හුරේ’ පක්ෂයේ සහාය ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමිවනු ඇතැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS