මෝදිගෙන් මැක්රොන්ට තෑගි



ප්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැරිස් අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතර හමුවක් පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මෝදි, ප්‍රංශ ජනාපධිති මැක්රොන්ට කුඩා ලී සිතාරයක අනුරුවක් ද, මැක්රොන් බිරිඳ බ්‍රිජෙත් මැක්රොන් ට කපු සාරියක් ද තෑගි කළේය. මෙම සිතාරය දකුණු ඉන්දීය ලී කැටයම්කරුවන්ගේ නිර්මාණයකි. එය සඳුන් ලීයෙන් කැටයම් කරන ලද්දකි.

සිල්ක් සාරිය, තෙලන්ගානා ප්‍රාන්තයේ සාරි නිෂ්පාදකයන්ගේ අපූර්වත්වය පිළිබිඹු කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැරිසියට ගියේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. ඉන්දියාවත් ප්‍රංශයත් අතර සබඳතා වර්ධනය කර ගැනීමට මැක්රොන්ට හැකිවුණු බව ද පැවැසෙයි.


RECOMMEND POSTS