මෝදි පරද්දන්න විපක්ෂ සන්ධානයක්



ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය පරාජය කිරීමේ අරමුණින් නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ.

මෙම සන්ධානය හැඳින්වෙන්නේ ‘ඉන්දීය ජාතික සංවර්ධන එකමුතුව’ යන නමිනි. පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ මහ මැතිවරණය ජය ගැනීම වැළැක්වීම ‘ඉන්දීය ජාතික සංවර්ධන එකමුතුව’ සන්ධානයේ අරමුණ යැයි පැවැසෙයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන සන්ධානය වන ‘කොංග්‍රස් පක්ෂය’ මෙම සන්ධානය පිහිටුවීමට පුරෝගාමී විය. සන්ධානයට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් 28 ක් එක් වී සිටින බව පැවැසෙයි. ඒ, ජයග්‍රහණය කළොත්, විවිධ ප්‍රාන්ත මට්ටමින් ආසන බෙදා ගැනීමේ එකඟතාවකට අනුවය.


RECOMMEND POSTS