මොගඩිෂු අගනුවරට අල් ෂෙබාබ් ප්රහාරයක්
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරයට නුදුරින් පිහිටි හෝටලයකට අල් ෂෙබාබ් ත්රස්තවාදීන් කණ්ඩායමක් කඩා වැදී ප්රහාර දුන්නේය.
වෙඩි තබමින් අත්බෝම්බවලින් දමා ගසමින් හෝටලයට කඩා වැදුණු අල් ෂෙබාබ් ත්රස්තවාදීන් සහ සෝමාලියා පොලිසියත් හමුදාවත් අතර පැය කීපයක් තිස්සේ දරුණු අවි ගැටුම් ඇවිළී ගියේ යැයි ද වාර්තා වේ.
පොලිසිය පසුව නිවේදනය කළේ ප්රහාරයට ත්රස්තවාදීන් සිවු දෙනකු පැමිණි බවත්, ඔවුන්ගේ දෙදෙනකු වෙඩි තබා මරා දැමීමට හැකිවුණු බවත්ය. ප්රහාරයෙන් පසු මොගඩිෂු නුවර ආරක්ෂාව තර කෙරුණු බව ද වාර්තා වේ.
මොගඩිෂුහිදීය (ඒ.එෆ්.පී.)