මේසැක් දකුණු කොරියාව කලඹයි



‘මේසැක්’ යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව කොරියානු අර්ධද්වීපය හරහා දකුණු කොරියාවට කඩා වැදුණි.

 

සුළි කුණාටුව හේතුවෙන් අනාරක්ෂිත ස්ථානවල පදිංචි කොරියානුවෝ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.

සුළි කුණාටුව කඩා ජපන් මුහුද හරහා පැයට කිලෝ මිටර් 140 ක වේගයකිනි. දකුණු කොරියාව හරහා සුළි කුණාටුව උතුරු කොරියාව දෙසට ගමන් කිරීමට නියමිතය.

සුළි කුණාටුව හේතුවෙන්, එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, උන්හිටිතැන් අහිමිවුණු 2,000 ක පිරිසක් අවතැන් කඳවුරුවලට යොමු කළ බවත් වාර්තා වේ.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS