මෙක්සිකෝවට භූමි කම්පාවක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද, මෙක්සිකෝව ප්‍රබල භූමි කම්පාවකට මුහුණ දුන්නේය. භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 7 කි.

භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වූයේ මෙක්සිකෝ සිටී අගනුවරටය.

භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 1,500 ක් හටගත්තේය. විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි ගණන 2,000 කට වැඩිය. තුවාල ලැබූ ගණන 23 ක් යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙක්සිකෝව අයත් වන්නේ ලතින් ඇමෙරිකාවටය. මේ වනවිට ඇමෙරිකාවට පසු ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන්නේ ද ලතින් ඇමෙරිකා රටවල්වලිනි. මෙක්සිකෝවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,96,847 කි. මරණ වාර්තා වන්නේ 24,324 ක් ලෙසිනි.

මෙක්සිකෝසිටීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS