මෙක්සිකෝ පරිසර ක්‍රියාකාරියා මියගිහින්



මෙක්සිකෝවේ ‘මොනාක්’ සමනලුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ පරිසරවේදී හොමේරෝ ගෝමස්ගේ මළසිරුර හමුවුණු බව මෙක්සිකෝ බලධාරීහු පවසති.

හොමේරෝ ගෝමස් පසුගිය සති දෙක පුරාවට අතුරුදන්ව සිටියේය  යැයි පොලිසිය වැඩි දුරටත් පවසා ඇත. සමනලුන් ජීවත් වන තණ බිම් සහ වනාන්තර ප්‍රදේශවල ඉදිකෙරෙන ඉදිකිරීම් සම්බන්ධයෙන් හඬ නැගූ පරිසර ක්‍රියාකාරියකු ලෙස හොමේරෝ ගෝමස් ප්‍රසිද්ධියට පත් වී සිටියේය.

හොමේරෝ ගෝමස්ගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ද මොක්සිකෝ පොලිසිය මාධ්‍ය හමුවේ පවසා ඇත.

මෙක්සිකෝ සිටීහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS