මිසයිල ප්‍රහාරයෙන් රුසියානු සෙබළු 63 ක් මියයති



අවුරුදු උදාවත් සමඟ යුක්රේන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් තම සොල්දාදුවන් 63 දෙනකු මියගිය බව රුසියන් රජය ඊයේ (2) පැවැසීය.

රුසියන් හමුදාව පවසා ඇත්තේ යුක්රේන හමුදාව ඇමෙරිකාවෙන් ආධාර ලෙස ලැබුණු ‘හිමාර්ස්’ නමැති මිසයිලවලින් මෙම පහරදීම කළ බවය. මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියාවේ නැගෙනහිර දෙසින් පිහිටි මකිව්කා නගරයේ පිහිටි හමුදා කඳවුරටය.  

මේ අතර, යුක්රේනය අධෛර්යමත් කිරීමේ අරමුණින් රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇතැයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ. රුසියන් හමුදා දැනටමත් යුක්රේනයේ ප්‍රධාන නගරවලට පහර දෙයි. ඒ, ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා යොදා ගනිමිණි.

(රොයිටර්)


RECOMMEND POSTS