මිලියන පහක් අසල්වැසි රටවලට



රුසියන් හමුදා ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් මිලියන පහකට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පෙන්වා දෙයි.

මේ වනවිටත් ගැටුම් හේතුවෙන් ලක්ෂයකට වැඩි යුක්රේන ජාතිකයන් පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි. ඒ ගතවුණු පැය 48 ක කාලය ඇතුළතදීය.

මෙම වැසියන් පෝලන්තය, මෝල්ඩෝවාව, රොමේනියාව, මංගේරියාව සහ ස්ලොවේකියාව යන අසල්වැසි රටවලට පලා යමින් සිටින බව පැවැසෙයි.

පෝලන්ත රජය නිවේදනය කළේ යුක්රේනයෙන් ආ 35,000 දෙනකුට තම රටට ඇතුළු වීමට අවසර දුන් බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපැයීමට කටයුතු කළ බවත්ය. පෝලන්ත රජය වැඩි දුරටත් පවසා ඇත්තේ සරණාගතයන් මිලියනයකට පහසුකම් සැපැයීමට තමන්ට හැකියාව ඇති බවය.

(බීබීසී)


RECOMMEND POSTS