මිලදී ගත් පර්යේෂණ කට්ටල දෝෂ සහිතයි
විදෙස්වලින් මිලදී ගත් ‘කොවිඞ් 19’ පර්යේෂණ කට්ටල දෝෂ සහිත යැයි ටැන්සානිසා ජනාධිපති ජෝන් මැගුෆුලී චෝදනා කර ඇත.
එම පරීයේෂණ කට්ටල යොදා ගනිමින් පර්යේෂණ කළත්, ‘කොවිඞ් 19’ ආසාදිතයන් පවා ආසාදිතයන් නොවන ලෙස තහවුරු වී ඇතැයි ජනාධිපතිවරයා පවසා තිබේ.
දෝෂ සහිත එම පර්යේෂණ කට්ටල ආපසු යැවීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
(අල් ජසීරා)