මියන්මාර හමුදා ජුන්ටාව මහ මැතිවරණයකට සූදානම්
මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව මියන්මාර හමුදා ජුන්ටාව පවසයි. මියන්මාර හමුදාව, කුමන්ත්රණය කරමින්, අවුන් සාන් සූ කීගේ ප්රජාතන්ත්රවාදී රජය පෙරළා රටේ බලය අල්ලා ගත්තේ මීට වසර දෙකකට පෙරය.
මියන්මාර හමුදා පාලකයන් මහ මැතිවරණයකට යෑම සුබවාදී දෙයක් වන නමුත්, හමුදා පාලනයක් යටතේ මහ මැතිවරණයක් පැවැත්වීම කොතරම් දුරට සාධාරණ ද නැද්ද යන්න සිතා බැලිය යුතු යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)