මිනී මවුස්ට අලුත් ඇඳුමක්



වොල්ට් ඩිස්නි නිර්මාණය කළ ලොකු කුඩා කවුරුන් හොඳින් දන්නා කාටූන් චරිතයක් වන මිනී මවුස්‌ගේ ඇඳුම වෙනස් ඩිස්නි සමාගම පියවර ගෙන තිබේ.

''මිනී මවුස් යනු කාටූන් ලෝකයේ සිටින වඩාත් ජනප්‍රිය මී කෙල්ලයි. එයාගේ කලින් ඇදුම පුංචි ගවුමක්. ඒත් අප ඒක වෙනස් කරනවා දිග කලිසමකට. හැබැයි ඔලුවේ ගහගෙන ඉන්න බෝ එක වෙනස් වෙන්නේ නැහැ'' යැයි ඩිස්නි සමාගම පවසා තිබේ.

මිනී මවුස්ගේ ඇඳුම වෙනස් කර ඇත්තේ විලාසිතා ශිල්පිනියක වන ස්ටෙලා මැකාර්ති යැයි පැවැසෙයි. මිනී මවුස්ගේ සාම්ප්‍රදායික ඇඳුම මේ අයුරින් වෙනස් කෙරුණේ පැරිසියේ ඩිස්නිලන්තයේ 30 වැනි සැමරුම වෙනුවෙනි.

(බීබීසී)


RECOMMEND POSTS